Tuesday, September 28, 2010

ජාවා controlled cicuit ටිකක් හදමුද.........................??????

   ජාවා controlled cicuit ටිකක් හදමුද.........................
කැමති අය ඉන්නවනම් කියන්න............

Monday, September 6, 2010

මෙන්න java port programing වල පලමු NetBeans Project එක

             ඔන්න එහෙනම් netbeans projecrt එක දෙන්නයි යන්නේ netbeans projecrt ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. හේතුව හැම දේම කියල දෙන්න ගියොත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ. එක නිසා ප්‍රශ්න තියෙන අයට අහන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාල භාවිතා කරල පිලිතුරු හයන්න උත්සාහ කරන්න. එතකොට තමයි තියෙන දේට වඩා යමක් හොයාගන්න පුලුවන් වෙන්නෙ.
            එහෙනම් මෙන්න project එක මේක netbeans වකලින් open කරල run කරන්න එහෙමත් නැත්නම් SerialPortCarController(ECHO PROJECT)\dist ගිහිල්ල jar ගොනුව double click කරන්න. දැන් තියෙන්නෙ project එක මස් කරල ඔයාලට ඔන විදිහල හදාගන්න.හොදයි කියල හිතෙන project මටත් දෙන්න.

               එහෙනම් ඊලගට serial port එකෙන් වැඩක් දාමු electronic gadget ටිකක් හදමුද?......ප්‍රතිචාර අවශ්‍යයි.මොකද හිතන්නෙ remote car එකක් serial port එකෙන් control කරන එක ගැන.........??????
 

Friday, September 3, 2010

මෙන්න java port programing වල පලමු source code එක

    ඔන්න එහෙනම් port programing පටන් ගනිමු. මුලින්ම pure java වලින්ම පටන්ගන්නම්.
මොකද වද විදින්නෙ නැතිව ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන් නිසා.
java වලින් serial port එකට ලියන්න sun microsystem අපිට නියම API එකක් දීල තියෙනවා.
එකෙන් තමයි මම මේ වැඩේ කරන්න යන්නෙ. මුලින්ම drivers කෑලි ටිකක් පරිගණකයේ පිහිටුවගන්න වෙනව.

    පහලින් කියල තියෙන අකාරයට file ටික අදාල තැන් වලට copy කරගන්න. ඔයාල දාල තියෙන
JDK version එක අනූව x.x.x අංකය වෙනස් වෙනව. එක නිසයි විශේෂයෙන් අංකයක් සදහන්
කරන්නෙ නැතිව x.x.x ලෙස සදහන් කලේ. x86 ගැන දන්නවනෙ මගේ system os එක 64bit
නිසා 32bit software install වෙන්නෙ වෙනමම ඩිරෙක්ටරියකට එක නිසා java install වෙලා
තියෙන්නෙ x86 ඩිරෙක්ටරියට ඒ ගැන වැඩි විස්තර කියන්න ඔන නෑ කියල මම හිතනවා.

copy win32com.dll       to C:\Program Files (x86)\Java\JDKx.x.x\BIN\
copy comm.jar          to C:\Program Files (x86)\Java\JDKx.x.x\LIB\
copy javax.comm.properties to C:\Program Files (x86)\Java\JDKx.x.x\LIB\

    පහලින් තියෙනෙ program එක එක හොදින් කියවන්න.කියවලා පුලුවන් තරම් තෙරුම් ගන්න බලන්න.
මොකද මම කොපමන හොදින් කියල දුන්නත් ඔයාල හොදින්
කියෙව්වෙ නැත්නම් වැඩක් වෙන්නෙ නෑ.පසුව ඔයාල තනියම program
එකක් ලියන්න ගිහාම අමාරුවෙ වැටෙන්න ඉඩ තියෙනවා.ඒකයි හොදින් කියවන්න කියල කියන්නෙ.......
import java.io.InputStream;
import java.io.OutputStream;
import javax.comm.CommPortIdentifier;
import javax.comm.SerialPort;


public class SerialPortController{

 static byte []tempByte=new byte[1];

 public static void main(String args[]) {

       WriteData();


    }




 public static void WriteData() {
        try {
            SerialPort sPort = (SerialPort) CommPortIdentifier.getPortIdentifier("COM1").open
("transfer", 0);    
/*serial port එකේ object එකක් හදල තියෙන්නෙ මෙන්න මේ code එකෙන්
        */

            try {
                sPort.setSerialPortParams(9600, SerialPort.DATABITS_8, SerialPort.STOPBITS_1,
SerialPort.PARITY_NONE);   
  /*serial port එකේ configurations set කරන්නෙ මේකෙන්
            9600-data යවන වේගය(bitrate 9600bit/s)
            DATABIT_8 -එක data set එකක දිග ඒකියන්නෙ අපි 1pass කලොත්
            port එකෙන් out කරන්නෙ 00000001 බිට් pattern එක.
            STOPBIT_1 - කියන්නෙ data එකකට පස්සෙ data එක ඉවරයි කියල
            කියන්න තවත් bit එකක් pass කරන්න කියල.
           
            */
                sPort.setFlowControlMode(SerialPort.FLOWCONTROL_NONE);

                InputStream inputStream = sPort.getInputStream();
                OutputStream outputStream = sPort.getOutputStream();

                sPort.notifyOnDataAvailable(true);

               
               

                outputStream.write(tempByte);
               

                sPort.removeEventListener();

            } catch (Exception e) {
                e.printStackTrace();
            } finally {
                sPort.notifyOnDataAvailable(false);
                sPort.close();
            }
        } catch (Exception e) {
            System.out.println(e);
        }


    }

}
    මුලින්ම තියෙන main method එකෙන් කරන්නෙ WriteData method එකට කතා කිරීම. මුලින්ම byte array එකක් හදල තියෙනවා tempByte කියල මෙන්න මේ array එකේ තියෙන values තමයි එකින් එක serial port එකෙන් out කරන්නෙ.
ඊලග ලිපියෙන් Netbeans project එකක් දෙන්නම්
එතකන් ඉවසල ඉන්නෙ නැතුව මේ ගැන හොදට හොයන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

Tuesday, August 24, 2010

Java port programing Pure java වලින් (serial port එක මෙහෙමයි වැඩ කරන්නේ....)

    port programing කියල දෙන්න කලින් serial port එක වැඩ කරන හැටි කියල ඉන්නම්.serial port එකේ පින් 9 ක් තියෙනවා.පහලින් තියෙන්නෙ diagram එක


    3 වන පින් එකෙන් serial data output එකක් ලබාගන්න පුලුවන් (TXD pin). දෙවන pin එකෙන් කරන්නෙ computer එකට data input කිරීම(RXD). අපි serial port එක භාවිතා කරන කොට හැම විටම 5 වන pin එක ground කරල තියන්න අවශ්‍ය වෙනව. එහෙම නොවුනොත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්
    serial data output එකක් තමයි අපිට මේ project එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ. ඒ කියන්නෙ අපි output කරන data output  වෙන්නෙ එකක් පිටුපස එකක් විදිහට
 (Ex : ඔන්න අපි "A"  output කරනවා කියල හිතමු මුලින්ම "A"  byte array එකකට දාගනව එතකොට A අකුරට අදාල bit pattern එක වෙන්නෙ 01000001 මෙම බිට් pattern එකේ bit එකින් එක එකක් පිටුපස එකක් serial port එකෙන් out කරනවා )
    තව දෙයක් serial port එකෙන් output කරන data digital electronic signal එකක් විදිහට තමයි ලැබෙනෙ.signal එකේ voltage පරාසය වෙන්නෙ -12V,+12V දක්වා. අපි මේ signal එක තවත් පරිගනකයකට input එකක් වශයෙන් දෙනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් microcontroller වලට සිග්නල් දෙන්න භාවිතා කරනවනම් ??????? දන්නවනේ.  microcontroller වැඩ කරන්නෙ 0V,+5V පරාසයේ බව.




 එහෙනම් අදට ඇති. ඉතිරි ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Friday, August 20, 2010

Java port programing Pure java වලින් ද? Java native interface වලින් ද?

             නියමයි comment වලට thanx. ඔන්න එහෙනම් මම port programing කියල දෙන්නම් හැබැයි ටික දවසක් ඉවසලා ඉන්න වෙයි.මොකද ඔන්න අද තමයි exam ඉවර උනේ. හෙට ගෙදර යන නිසා කාලය අරගෙන හොදට plan කරල නියම post එකක්  දාන්න හිතාගෙන ඉන්නෙ.කොහොම උනත් මේ පාඩම ටිකක් දිග එකක් වෙයි.ඒ නිසා post 2,3 ක් වත් ලියන්න වෙයි. කොහොම වුනත් මට තව සතියක් වත් කල් දෙන්න.
               එතකං මම  කියල දෙන පාඩමට අවශ්‍ය වන software ටික දැන්මම හොයල තියාගන්න.
මම ඔයාලට netbeans project එකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
project එකට වැඩක් දාන්න නම් netbeans IDE එක අවශ්‍යයි එක නිසා netbeans IDE එක Download කරල තියාගන්න.netbeans install කරන්න කලින් වැඩක් කරන්න එපැයි. දන්නව ඇතිනෙ.මොනව කරන්නත් කලින් JDK & JRE දාගන්න ඕන කියල.ඔය ඔක්කොම අන්තර්ජාලයේ නොමිලයේම ලබා දෙන නිසා. පොඩ්ඩක් මහන්සි වෙලා හොයා ගන්න.JDK install කරල ඉවර වෙලා Netbeans install කරන්න netbeans පාවිච්චි කරන නිසා path settings එහෙම කරන්න ඔනි වෙන්නෙ නෑ.දන්න අය ඒකත් කරගත්තට කමක් නෑ.

     java වලින් port programing කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා,pure java භාවිතා කරන්නත් පුලුවන් නැත්තං java native interface භාවිතා කරන්නත් පුලුවන්.     මුලින්ම ජාවා native interface එකෙන් කියල දෙන්නද? නැත්තං pure java වලින්ම පටන් ගන්නද?........මම නම් මුලින්ම හොයා ගත්තෙ java native interface වලින් port program කරන්න.

Wednesday, August 18, 2010

JAVA Port Programming කියල දෙන්නද ....?

                Java වලින් serial port එකට signal pass කරන හැටි දැන ගන්න ඕන අය ඉන්නවනම් ප්‍රතිචාර දක්වන්න........

Tuesday, August 17, 2010

ජාවා programm එකකට look & feel යෙදීම.

         java ගැන ඕන තරම් බ්ලොග් ලියල තියෙන නිසා වැඩිදුර විස්තර කරන්නෙ නැතිව යමක් කියල දෙන්නම් කෝ. මෙන්න තියෙනවා ජාවා programm එකකට look & feel දාගන්න හැටි. UIManager.setLookAndFeel(new WindowsLookAndFeel()); කියන්නෙ තීම් එක සෙට් කරන කෝඩ් එක.පහලින් තියෙන කෝඩ් එක main method එකේ හරි constructor එකේ මුලින්ම හරි දාගන්න.

         ඔයාලට system එකේ difault theme එක දාගන්න ඕනිනම් UIManager.setLookAndFeel(UIManager.getSystemLookAndFeelClassName());
code එක try catch එක අතුලෙ දාගන්න. එත්කොට ඔයාලගෙ system os එකේ default තීම් එක software එකට දාගන්න පුලුවන්.


        try {
            UIManager.setLookAndFeel(new WindowsLookAndFeel());
        } catch (Exception e) {
             e.printStackTrace();
        }
     

Friday, August 13, 2010

මගේ පළමු ලිපිය

 මගේ පළමු ලිපිය

         හැමදාම බ්ලොග් කියව කියව ඉදල හරියන්නෙ නෑ කියල හිතුන.
දැන් වත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න ඕනි.
         එහෙම හිතල තමයි "තිරික්කලය" ලියන්න පටන් ගත්තෙ.
තිරික්කලය කිවුවට මේකෙ ලියන්න වෙන්නෙ නම් තාක්ෂණික ලිපි තමයි.
මොකද මම හොද writer කෙනෙක් නොවන නිසා.දන්න දේවල් ලියනව මිසක්
යමක් ලස්සනට හැඩ වැඩ දාල ලියන්න බැරි නිසා.

ඔන්න මම ගැනත් පොඩි විස්තරයක් දාන්නම්කො
    මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ
ඉගෙනුම ලබන  ශිෂයෙක්මි(තවම පළමු වසර).JAVA පොඩ්ඩක් දනිමි. Electronic ද පොඩ්ඩක් විතර දනිමි.
C හරි C++ හරි ඉගෙන ගන්න අසාවෙන් ඉන්නවා.
ඉස්සරහට ලියන ලිපි වලට මගේ දැනුම ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

         මම ජාවා ඉගෙන ගන්න කාලේ අපේ ගැන්සියක් හිටිය. කට්ටියම එකතු වෙලා ජාවා
වලින් මරු මරු වැඩ කලා.විස්තර පස්සෙ කියන්නම්.කියවන ඔයාලටත් වැදගත් වෙයි
කියල හිතෙන දෙවල් ටිකක් ඉස්සරහට බ්ලොග් එකේ පල කරන්න තමයි හිතගෙන ඉන්නෙ.


       අවසානෙට කියන්න තියෙන්න මගේ වෙබ් දනුම නම් අන්තිමයි.කියවන ඔයලා මට උදව් කරයි කියල හිතනවා.
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.