Friday, August 13, 2010

මගේ පළමු ලිපිය

 මගේ පළමු ලිපිය

         හැමදාම බ්ලොග් කියව කියව ඉදල හරියන්නෙ නෑ කියල හිතුන.
දැන් වත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න ඕනි.
         එහෙම හිතල තමයි "තිරික්කලය" ලියන්න පටන් ගත්තෙ.
තිරික්කලය කිවුවට මේකෙ ලියන්න වෙන්නෙ නම් තාක්ෂණික ලිපි තමයි.
මොකද මම හොද writer කෙනෙක් නොවන නිසා.දන්න දේවල් ලියනව මිසක්
යමක් ලස්සනට හැඩ වැඩ දාල ලියන්න බැරි නිසා.

ඔන්න මම ගැනත් පොඩි විස්තරයක් දාන්නම්කො
    මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ
ඉගෙනුම ලබන  ශිෂයෙක්මි(තවම පළමු වසර).JAVA පොඩ්ඩක් දනිමි. Electronic ද පොඩ්ඩක් විතර දනිමි.
C හරි C++ හරි ඉගෙන ගන්න අසාවෙන් ඉන්නවා.
ඉස්සරහට ලියන ලිපි වලට මගේ දැනුම ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

         මම ජාවා ඉගෙන ගන්න කාලේ අපේ ගැන්සියක් හිටිය. කට්ටියම එකතු වෙලා ජාවා
වලින් මරු මරු වැඩ කලා.විස්තර පස්සෙ කියන්නම්.කියවන ඔයාලටත් වැදගත් වෙයි
කියල හිතෙන දෙවල් ටිකක් ඉස්සරහට බ්ලොග් එකේ පල කරන්න තමයි හිතගෙන ඉන්නෙ.


       අවසානෙට කියන්න තියෙන්න මගේ වෙබ් දනුම නම් අන්තිමයි.කියවන ඔයලා මට උදව් කරයි කියල හිතනවා.
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.   

No comments:

Post a Comment