Tuesday, August 24, 2010

Java port programing Pure java වලින් (serial port එක මෙහෙමයි වැඩ කරන්නේ....)

    port programing කියල දෙන්න කලින් serial port එක වැඩ කරන හැටි කියල ඉන්නම්.serial port එකේ පින් 9 ක් තියෙනවා.පහලින් තියෙන්නෙ diagram එක


    3 වන පින් එකෙන් serial data output එකක් ලබාගන්න පුලුවන් (TXD pin). දෙවන pin එකෙන් කරන්නෙ computer එකට data input කිරීම(RXD). අපි serial port එක භාවිතා කරන කොට හැම විටම 5 වන pin එක ground කරල තියන්න අවශ්‍ය වෙනව. එහෙම නොවුනොත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්
    serial data output එකක් තමයි අපිට මේ project එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ. ඒ කියන්නෙ අපි output කරන data output  වෙන්නෙ එකක් පිටුපස එකක් විදිහට
 (Ex : ඔන්න අපි "A"  output කරනවා කියල හිතමු මුලින්ම "A"  byte array එකකට දාගනව එතකොට A අකුරට අදාල bit pattern එක වෙන්නෙ 01000001 මෙම බිට් pattern එකේ bit එකින් එක එකක් පිටුපස එකක් serial port එකෙන් out කරනවා )
    තව දෙයක් serial port එකෙන් output කරන data digital electronic signal එකක් විදිහට තමයි ලැබෙනෙ.signal එකේ voltage පරාසය වෙන්නෙ -12V,+12V දක්වා. අපි මේ signal එක තවත් පරිගනකයකට input එකක් වශයෙන් දෙනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් microcontroller වලට සිග්නල් දෙන්න භාවිතා කරනවනම් ??????? දන්නවනේ.  microcontroller වැඩ කරන්නෙ 0V,+5V පරාසයේ බව.




 එහෙනම් අදට ඇති. ඉතිරි ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

1 comment: